Total Pageviews

Tuesday, September 15, 2015

තේ පත්ති පත්තා අමතං විගය්හ


ඔන්න දවසක් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුයි මුස්ලිම් මවුලවි කෙනෙකුයි උඩරට මැණිකේ දුම්රියේ යනවලු. දෙන්නම එකම සීට් එකේ තමයි යන්නේ. මෙමහම යනකොට මවුලවි ජනේලෙන් දැක්කලු, එක්තරා පන්සලක සාමණේර හාමුදුරු නමක් කුඩා තේ පාත්තියකට වතුර දානවා. ස්වාමීන් වහනසේලාට මේ දේවල් අකැපයි කියලා දන්න මවුලවිට හිතුණලු කෝච්චියේ ගියපු ස්වාමීන් වහන්සේව අමාරුවේ දාන්න ඕන කියලා.
එහෙම හිතලා මවුලවි ටිකක් හයියෙන්ම ඇහුවලු (කෝච්චියේ අනිත් අයටත් එක්ක ඇහෙන්න)

‘සාදු..අර එළියේ පන්සලක පොඩි සාදු කෙනෙක් තේ පාත්තිවලට වතුර දාන්නේ. ඒක ඔය ගොල්ලන්ට අකැපයි නේද?‘  කියලා.

හාමුදුරුවන්ට වැඩේ තේරුණා. මවුලවිට ඕන වුණේ බුදු දහමට අගෞරවයක් කරන්න කියලා. දැන් ඉතින් මවුලවිට මොකද කියන්නේ කියලා කල්පනා කරනකොට තමයි උන්නාන්සෙට රතන සූත්‍රය මතක් වුණේ.

හාමුදුරුවෝ පිළිතුරු දුන්නලු මවුලවි තුමාට මෙන්න මෙහෙම-

“මහත්තයා දන්නෙ නැති වුණාට බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී රතන සූත්‍රෙයන් දේශනා කළා
තේ-පත්ති-පත්තා අමතං විගය්හ“ කියලා. ඒ නිසා අකැප නෑයි කීවලු.

මේ තේරවිල්ල තෝරගත්තු කෙනෙක් කමෙන්ට් කරමු බලන්න.

No comments:

Post a Comment