හුඟක් මුස්ලිම් සහ දමිළ ජනතාව සිංහළ කතා කරද්දී බහුලව කරන වැරැද්දක් තමයි ‘මට දන්නෑ‘.
ඇයි ඒ ගොල්ලෝ එහෙම කියන්නේ..?
ඒකට හේතුව තමයි මම දන්නෑ කියන එක දෙමළෙන් කියන්නේ එනක්කු තෙරියාදු කියලා.
එනක්කු කියන්නේ සිංහලෙන් ‘මට‘ කියන එකට.
මම දන්නෑ කියන එක කෙළින්ම දෙමළට හැරෙවුවොත් කියවෙන්නේ නාන් තෙරියාදු කියලා.
නමුත් එහෙම එකක් දමිළ ව්‍යවහාරයේ නෑ. ඒ නිසා තමයි එයාලා මට දන්නෑ කියලා කියන්නේ.
ඒ වගේම තවත් එකක් තමයි මම ගාව අහන්න, එයා ගාව අහන්න කියලා කියන එක. සිංහල අය කීවානම් කියන්නේ මගෙන් අහන්න, එයාගෙන් අහන්න කියලනේ. නමුත් දෙමළෙන් කියන එක (එනට කේලුංග, අවනිට කේලුංග) සිංහලට හැරෙවුවම ‘ගාව‘ කියලා තමයි කියන්න වෙන්නේ.
තවත් එකක්. ඔය අපි කතා කරන ප්‍ර,ක්‍ර,ත්‍ර,ට්‍ර,බ්‍ර.. වගේ ඒවා දෙමළ අය ශබ්ද කරන්නේ පිර,කිර,තිර,ටිර,බිර.. කියලා. ඒකනේ ප්‍රභාකරන් කියන එකට එයාලා පිරබාකරන් කියලා කියන්නේ.
දැන ගත යුතු තවත් දෙයක් තමයි, සිංහල අය දමිළ කෙනෙක් ඉස්සරහා කතා කරන කොට පරිස්සම් කර ගත යුතු වචන දෙක තුනක් තියනවා. එකක් තමයි ‘කොට්ටේ‘. දෙමළෙන් කොට්ටේ කියන්නේ ඇටේට. පුරුෂ ලිංගයටත් කියනවා. අනික තමයි ‘ඕක‘ . දෙමළෙන් ඒකේ තේරුම කුණු හරුපයක්. හු**වා කියන එක (18+).
දවසක් මම යාපනේ කඩේකට ගිහින් පුරුද්දට වගේ ‘ඕක තමයි‘ කියලා කීවා. ඔරවලා බැලුවානේ කඩේ කෙල්ල. ඒ වගේමයි දවසක් ඉස්පිරිතාලේට ගිහින් යාළුවෙකුට කීවා ‘ආ උඹේ කොට්ටේ‘ කියලා. ලෙඩ්ඩු ඔක්කොම හැරිලා බැලුවා කියහංකෝ... :-D :-D
Total Pageviews
Tuesday, September 15, 2015
තේ පත්ති පත්තා අමතං විගය්හ
ඔන්න දවසක් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුයි මුස්ලිම් මවුලවි කෙනෙකුයි උඩරට මැණිකේ දුම්රියේ යනවලු. දෙන්නම එකම සීට් එකේ තමයි යන්නේ. මෙමහම යනකොට මවුලවි ජනේලෙන් දැක්කලු, එක්තරා පන්සලක සාමණේර හාමුදුරු නමක් කුඩා තේ පාත්තියකට වතුර දානවා. ස්වාමීන් වහනසේලාට මේ දේවල් අකැපයි කියලා දන්න මවුලවිට හිතුණලු කෝච්චියේ ගියපු ස්වාමීන් වහන්සේව අමාරුවේ දාන්න ඕන කියලා.
එහෙම හිතලා මවුලවි ටිකක් හයියෙන්ම ඇහුවලු (කෝච්චියේ අනිත් අයටත් එක්ක ඇහෙන්න)
‘සාදු..අර එළියේ පන්සලක පොඩි සාදු කෙනෙක් තේ පාත්තිවලට වතුර දාන්නේ. ඒක ඔය ගොල්ලන්ට අකැපයි නේද?‘ කියලා.
හාමුදුරුවන්ට වැඩේ තේරුණා. මවුලවිට ඕන වුණේ බුදු දහමට අගෞරවයක් කරන්න කියලා. දැන් ඉතින් මවුලවිට මොකද කියන්නේ කියලා කල්පනා කරනකොට තමයි උන්නාන්සෙට රතන සූත්‍රය මතක් වුණේ.
හාමුදුරුවෝ පිළිතුරු දුන්නලු මවුලවි තුමාට මෙන්න මෙහෙම-
“මහත්තයා දන්නෙ නැති වුණාට බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී රතන සූත්‍රෙයන් දේශනා කළා
තේ-පත්ති-පත්තා අමතං විගය්හ“ කියලා. ඒ නිසා අකැප නෑයි කීවලු.
මේ තේරවිල්ල තෝරගත්තු කෙනෙක් කමෙන්ට් කරමු බලන්න.
Subscribe to:
Posts (Atom)